😍 ඇත්තටම ඔබ Brand New පරිගණකයක් මිලදී ගන්නවා නම් හෝ Assemble කරනවා නම් ඔබට Used පරිගණකයකට සාපේක්ෂව බලන්න දේවල් ඇත්තෙම නෑ.
✅ ඒත් සාමාන්‍ය කෙනෙක්ට Brand New PC එකකට යන්න බැරිවෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව තමයි මුදල්. ඉතින් බොහෝ දෙනෙක් Used PC තමයි මිලදී ගැනීමට පෙළඹෙන්නේ.
✅ Used PC එකක් ඔයාලට එකපාරට ගිහින් අරගෙන එන්න බෑ. මොකද මේවා දැනටමත් පාවිච්චි කරපු PC නිසා. ගොඩක් ඒවල ප්‍රශ්න, PC ගැන දන්න කෙනෙක්ටනම් ගොඩක් වෙලාවට දැක්ක ගමන් අඳුනගන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ PC ඔයාලට Market එකේ අඩු ගාණට හොයාගන්නත් පුළුවන්.
එතකොට මොනවද මේ තියෙන ප්‍රශ්න,
⚙️ System Unit එක (සාමාන්‍යයෙන් කියන්නේ CPU එක කියලා. ඒත් ඒක වැරදි ව්‍යවහාරයක්) ඇතුළේ තියෙන Motherboard එක (ලොකුම Circuit Board එක) ගැන මුලින්ම කතා කරමු.
🔴 බොහෝ අවස්ථාවල මේකේ Ports එහෙම නැත්නම් Slots වැඩකරන්නේ නැති වෙන්න පුළුවන්. කාළයක් පාවිච්චි කිරීම නිසා USB Ports, RAM Slots, PCI Slots වැඩනැති වෙන්න පුළුවන්. මේවා ඔයාලට හොයාගන්න වෙන්නේ PC එක ගලවපු දවසට තමා,
🔴 Board එකේ Chipset අවුල් තියෙන්න පුළුවන්.
🔴 Board එක අසාමාන්‍ය විදියට Heat වෙන්න පුළුවන් (Short එකක් නිසා හෝ වෙනත් හේතු)
⚙️ ඊළඟට RAM Cards
🔴 සමහර RAM Card තියෙනවා Memory Access ප්‍රශ්න තියෙන, මේවා ඔයාලට හොයාගන්න පුළුවන් වෙන්නේ Windows installation එකකදි තමා.
🔴 Busspeed ගැළපෙන්නේ නැති ඒවා, ඔය වගේ ප්‍රශ්න ගොඩක්
⚙️ වැදගත්ම දේ PSU (Power Supply Unit) එක,
මේක ගැනනම් ඉතින් අනිවාර්යයෙන්ම සැළකිලිමත් වියයුතුයි. මොකද PC එකේ ඇතුළේ වැඩකරන්නේ ඉතා අඩු වෝල්ටීයතා අගයක් (ආසන්නව 12v). ඉතින් මේ PSU එකෙන් අදාළ උපාංග වලට නිවැරදි විදුලි බලයක් සැපයෙනවද කියලා බලන්න ඕනේ. දැන් තේරෙනවනේ, මේ වැඩේ ලේසි නෑ. එකින් එක Unit එක Testing කරන්න ඕනේ. ඉතින් ඔය දේවල් බලන්න ඕනේ දේවල් ටිකක් විතරයි. තව දේවල් තියෙනවා.
✅ ඉතින් මේ Used PC එකක් ගෙන්නුවට පස්සේ අදාළ සමාගම විසින් PC Unit එකින් එක Check කළ යුතුයි. නමුත් ප්‍රායෝගිකව මේක අපහසුයි. මොකද ඒ සඳහා වැඩි වේලාවක් සහ සේවක ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඕවා ඔක්කොම එකතු උණාට පස්සේ Used PC එකක මිල වැඩි වෙනවා. ඉතින් බොහෝ දෙනෙක් කරන්නේ මේ Used PC Full Checkup එකකින් තොරව Market එකට එවන එක (අපේ වචනෙන් කියනවානම් On උණානම් හරි).
✅ ඉතින් ඔයාල PC එකක් ගත්ත දවසේ ඉඳන් ආපහු අරන් එන්න ඕනේ මේකේ Repairing වලට, ගොඩක් අය රස්තියාදුවෙනවා, දෙතුන් සැරයක් Service කළාට පස්සේ ඔයාල PC එක ගත්තාවගේ දෙගුණයක් විතර මුදල් වැයවෙලා. (ඇයි ඒ විතරක්ද Transport, ඔයාලගේ කාලය)
✅ ඉතින් මං මේ කිව්ව දේවල් සමහර අයටනම් ඉතින් ඇඟේ කටු අනිනවා වගේ වෙයි. ඒත් මම කිව්වේ ඇත්ත කතාව. අනන්තවත් මං දැකපු දේ, මොකද අපේ රටේ Used PC ගන්නේ සල්ලි තියෙන කට්ටිය නෙමේනේ, (වැරදි වචනයක්ද මංදා කරන්න දෙයක් නෑ.) එදිනෙදා වැඩකටයුතු කරලා ජීවත්වන සාමාන්‍ය පුද්ගලයින් (මොකද මාත් එහෙම කෙනෙක් නිසා).. ඒ ගොල්ලන්ට මං මේ කිව්ව කතාව තේරුම් ගියානම් ඒ ඇති.
✅ මම මෙතනදි ඔයාලට කියන්නේ නෑ අපි තමයි අඩුම ගාණකින් PC Build කරන්නේ කියලා, මොකද ඒකට හේතුව මේ Checkup වලට සැළකිය යුතු මුදලක් වැයවන නිසා. නමුත් ඒ මුදලත් අනිත් බොහෝ අයට වඩා අඩුවන බවනම් විශ්වාසයි.
✅ PC එකක් අනිවාර්යයෙන් අපෙන් ගන්නම කියලම දෙයක් නෑනේ, ඔයාලට පහසුවෙලාවට අපේ දෙවලපොල Main Store එකට ඇවිත් බලන්න. ඔයාලට Satis නම් ඔයාලට ඕන දේවල් ගන්නත් පුළුවන්. Satis නැත්නම් සරලව බැනලා යන්නත් පුළුවන්. 😍
💯 ඔය සේරම දේවල් බලලා Full Checkup කරපු PC එකක් ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන්, ඇත්තම කිව්වොත් ඔයාලටම පුළුවන් Assemble කරන එකේ ඉදන් ඔක්කොම බලාගන්න. අනිත් දේ තමයි, ඔයාලට ඕනෑම අවස්ථාවක PC එක ගලවලා ඒ ඇතුළේ තියෙන දේවල් ගැන ඉගෙන ගන්නත් පුළුවන් (අපි PC එක seal කරන්නේ නෑ.). ඉතින් ඔයවගේ ගොඩක් දේවල් එක්ක ඔයාලට හොඳ PC එකක් ගන්න පුළුවන්. (ඔයාලට වෙලාව තියෙනවනම් PC එක Assemble කරන එකේ ඉදන් ඔක්කොම බලාගන්න පුළුවන් - සම්පූර්ණ වැඩවලට පැය 4ක් විතර යනවා, ඔයාලට ඇවිත් බලන්න පුළුවන්)
ගොඩක් කට්ටිය මාත් එක්ක කතාකරද්දි කියලා තියෙන දෙයක්. ඒකට ප්‍රධානතම හේතුව PC එක තමන්ගේ වැඩේට ගැළපෙන්න නෙමේ අරගෙන තියෙන්නේ. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ අලින්ගේ වැඩවලට ගොන්නු අරගත්තු අවස්ථාවල. ඒවගේම කිසිම වගකීමක් නැති විදියට මීට කලින් අප සඳහන් කළ පරිදි නිසි ප්‍රමිතියකින් තොර වෙළඳපළේ ඇති USED පරිගණක.
අපේ Team එක Brand New වලටත් වඩා සැළකිලිමත් ලෙස Used PC Check කරනවා. ඒනිසා Used උණත් මේ PCත් Brand New වගේම තමයි. එකම වෙනසනම් වගකීම් කාලය විතරයි. ඔයාට ගැළපෙන විදියට අපේ Technical Team එක PC එක Assemble කරලා දෙන්න සූදානම්. ඒ නිසා අපේ Technical Team එකත් එක්ක කතාකරලා ඔයාගේ අතේ ඇති ගාණට සුපිරි පරිගණකයක් ඔයාට ලබාගන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ කිසිම System Unit එකක් අපි Seal කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් මාස 3ක් වගේ යද්දි දූවිලි මොනවාහරි බැඳිලා තියෙනවනම් ප්‍රවේශමෙන් Clean එකක් දාන්නත්.
PC එකක් ගෙදරට ගේනවා කියන්නේ අපිට ඉතින් වෙන මොනවද නේද ? 😍 නමුත් PC එකක් ගෙදරට ගේන්න කලින් කරන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා.
✅ දැනටමත් කාමරේ අස්කරලා, Table එකක් තියලා, Computer එකට ඉඩ හදාගෙන, අපේ යාළුවෝ ආසාවෙන් බලන් ඉන්නේ Computer එක ගේනකන්නේ.
හැබැයි තව දේවල් ටිකක් තියෙනවා, බලන්න මේවත් හරිද කියලා.
🔴 System Unit එකෙන් එන Power Code එකයි Monitor එකෙන් එන Power Code එකයි බිත්තියට සම්බන්ධ කරන්න Square Pin Base 2ක් ඕනෑ. (Multi Plug එහෙම ගන්න එපා.) වඩා හොඳයි Hardware එකෙන් Base 2ක් ගෙනත් වෙනමම හදාගන්නවනම්. මොකද Multi Plug නිසා Short වීමක් වෙන්න පුළුවන්. මේක ඉතා වැදගත්.
🔴 ගෙදර Earth Wire එක හොඳද බලන්න ඕනෑ. ඒ කියන්නේ නිවැරදිව පොළවට සම්බන්ධ වෙලාද කියලා. නැත්නම් PC එක අල්ලන වාරයක් පාසා ඔයාලට Current එක වදින්න පුළුවන්.
🔴 PC එක හොඳට වාතාශ්‍රය ලැබෙන විදියට කාමරයේ තියාගන්න ඕනෑ. මොකද අපි වැඩකරද්දි රත් වෙන නිසා හොඳට PC එක Cool වෙන්න ඕනෑ. ගොඩක් රස්නේ තියෙන කාමරයක්නම් අනිවාර්යයෙන් මේගැන සැළකිලිමත් වෙන්න ඕනෑ.
🔴 කාමරයේ Electric Items ගොඩක් තියෙනවනම් සමහර අවස්ථාවල PC එකට අවශ්‍ය Current එක මදිවෙන්න පුළුවන්. ඒ නිසා PC එක භාවිතා කරද්දි අනෙක් Items විසන්ධි කරනවනම් වඩා හොඳයි, නැත්නම් හොඳ Bracker එකක් Switch Board එකට දාගන්න.
🔴 හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගන්න UPS පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් පරිගණකය 100% සාර්ථකත්ව භාවිතා කරන්න අවස්ථාව හම්බෙණවා.
🔴 අකුණු ඇති අවස්ථාවලදී පරිගණකය භාවිතා කරන්න එපා. මේවනම් සාමාන්‍ය දේවල්නේ.
Main Address | W3 Computers Building Complex, Dewalapola |
Phone | +71 421 7447 |
w3computers@gmail.com |